Home Hit බදු ඉවත් කළත් කිරිපිටි ගෙන්වන්න බෑ – තවත් රුපියල් 200ක් පාඩුයි

බදු ඉවත් කළත් කිරිපිටි ගෙන්වන්න බෑ – තවත් රුපියල් 200ක් පාඩුයි

96

රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ඉවත් කළ බද්දෙන් කිරිපිටි කිලෝවක පාඩුව රුපියල් 100ක් පමණ පියවා ගත හැකි බවයි.

කෙසේ වෙතත්, එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසන්නේ වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here