Home Hit සමහර දේශපාලන පක්ෂවලට අවශ්‍ය ආයෙත් භීෂණ සමයක් නිර්මාණය කරන්න

සමහර දේශපාලන පක්ෂවලට අවශ්‍ය ආයෙත් භීෂණ සමයක් නිර්මාණය කරන්න

94

මේ මොහොතේ රටේ තීන්දු තීරණ ගැනීමේදී මෙරට මාසික වේතනයන් යටතේ ජීවත් වෙන ජනතාව මෙන්ම දෛනිකව ආදායම් ලබා ජීවත් වන පිරිසකුත් සිටිනා බවට අමතක නොකළ යුතු බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (10) කොවිඩ් මර්දනය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

වර්ථමානයේ ඇතම් කණ්ඩායම් රජයට අපක්ෂපාතීව මෙරට 88-89 කාලය තුළ මෙන් අවි ආයුධ අරගෙන කටයුතු නොකලත් එම කණ්ඩායම ම වෙන නම් වලින් අද ඒ අවි ආයුධ අරගෙන සිදු කළ අප්‍රසන්න තත්ත්වය නැවත නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා එහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here