Home Coronavirus 2020 සැප්තැම්බර් මාසයේ දී පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති

සැප්තැම්බර් මාසයේ දී පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති

88

රට තුළ දැනට පවතින තත්වය හේතුවෙන් සැළසුම් කර තිබූ පරිදි සැප්තැම්බර් මුල් සතියේදී පාසල් නැවත විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

රජය සැලසුම් කර තිබුනේ අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලුම ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමට බවත් ඉන් අනතුරුව සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිට විදිමත් ක්‍රමවේදයකට අනුව පාසල් ඇරඹීමට බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ එවන් තත්වයකදී මාර්ගගත අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

එහෙත් ගුරුවරුන් විසින් දැනට පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ඊටද බලපෑම් මතුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here