Home Hit හංසමාලිට රෙදි දුන්න වීරසේකර ගුරුවරුන්ට රෙදි දෙන්න අවසර දුන්නේ නෑ – නලින්

හංසමාලිට රෙදි දුන්න වීරසේකර ගුරුවරුන්ට රෙදි දෙන්න අවසර දුන්නේ නෑ – නලින්

486

කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට  පත් ගුරුවරුන්ට ඇඳුම් ලබාදීම සඳහා වරාය පොලීසියට ගිය අවස්ථාවේදි ඒ සඳහා අවසර නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

“මම ආවේ මේ ඇඳුම් බෑග් එක අරගෙන. මෙතන ඉන්නවා 44ක්. බහුරතයක් ඉන්නේ කාන්තාවෝ. මව්වරු, කිරිදෙන මව්වරු.

මම අහනවා සරත් වීරසේකර මහත්තයාගෙන් එතුමගේ නෝනට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්ද?

මම අහනවා පොලිස්පතිතුමාගෙන් එතුමගේ නෝනට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්ද?

මම අහනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඇතුළු පොලීසියේ නිලධාරීන්ගෙන් එතුමන්ලාගේ නෝනලාට පැය 48ක් එක ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්ද?

මම මේ ඇඳුම් ටික අරගෙන ආවේ ගෞරවනීය විදිහට. මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරුමාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරගෙන ආවෙ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඇඳපු ඇඳුම්වලින් ඉන්න නිසා.

අපි දන්නවා සරත් වීරසේකර මහත්තයාට හංසමාලිට ඇඳුම් යවන්න පුළුවන් හැබැයි අපි ගුරුවරුන්ට ඇඳුම් අරගෙන එනකොට අපිට යන්න ඉඩ දුන්නේ නෑ.

මේ කරන්නේ ආණ්ඩුවේ උවමනාවක්. පොලීසි හයකින් අත්අඩංගුවට ගත් අය ඇයි වරාය පොලීසියට ගියේ’ සරත් වීරසේකර මහත්තයාගෙන් අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. පොලිස්පතිතුමාගෙන් අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here