Home Hit “කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නවා. ඇයත් ගුරුවරියක්”

“කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නවා. ඇයත් ගුරුවරියක්”

402

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊයේ මහනුවරින් ඇරඹුණු විරෝධතා පාගමන අද (05) දෙවන දිනට මාවනැල්ල නගරයේ සිට ගමන් ආරම්භ කෙරිණි.

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන මෙම පාගමන වළක්වන ලෙස ඉල්ලා කෑගල්ල පොලීසිය, කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතර ඊයේ (04) පැවති විරෝධතා අතරතුර ගුරුවරුන් සහ ගුරුවරියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ,

“උද්ඝෝෂණය කිරීමේදී පොලීසිය සම්පූර්ණයෙන්ම ඉඩ හදලා දීලා යනකොට අත්අඩංගුවට ගැනීම පස්ස දොරෙන් කරපු ක්‍රියාවක්. මාලිගාවත්ත, දෙමටගොඩ, පෑලියගොඩ, වැල්ලවත්ත වගේ පොලීසිවලින් මේ අයව අරගෙන වරාය ඇතුලේ පොලීසියට ගෙනියන්නේ. වරාය ඇතුළේ පොලීසියට කාටවත් යන්න බෑ. ඊයේ ඇඳන් හිටපු ඇඳුම් ඒ අයට තියෙන්නේ. කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නවා. ඇයත් ගුරුවරියක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here