Home Hit ඉෂාලිනි දැරියගේ ගින්න ගැන රිෂාඩ්ගේ නිවසේ ආරක්ෂක කැමරාවල නෑ

ඉෂාලිනි දැරියගේ ගින්න ගැන රිෂාඩ්ගේ නිවසේ ආරක්ෂක කැමරාවල නෑ

248

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි.

දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙනු අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශ වලින් හෙළි වු බවත්, ඒ බව තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සී සී ටී වී කැමරාව ක්‍රියා විරහිත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහත ස්ථානයේ කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවත්, ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවට ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මකව ඇත්තේ කැමරා 14 ක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් මහතා කියා සිටියේ ආණ්ඩුව මෙම සිද්ධියෙන් වැසි ලබාගැනීමට උත්සහ දරන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here