Home Coronavirus 2020 ප්‍රමාණයට වඩා මගීන් ගෙනියන බස් අල්ලයි

ප්‍රමාණයට වඩා මගීන් ගෙනියන බස් අල්ලයි

269

කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එසේ සීමාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා හිමිකරුවන් අදාළ බස් රථය සමඟ අත්අඩංගුවට ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ ආකාරයට මගීන් රැගෙන ගිය බස් රථ 11ක් ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් මගීන් රැගෙන යන බස් රථ අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here