Home Coronavirus 2020 ”කොරෝනා මර්දන බලකාය තියෙනකන් අපට වෙන්නෙ බලා ඉන්න විතරයි, මිනිස්සු මැරෙනවා” –...

”කොරෝනා මර්දන බලකාය තියෙනකන් අපට වෙන්නෙ බලා ඉන්න විතරයි, මිනිස්සු මැරෙනවා” – රනිල්

319

‘පුරුදු නැති නිලධාරින්’ යොදා කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය ක්‍රියාත්මක වීම නිසා මිනිසුන් මිය යන ආකාරය බලා සිටින්නට වන බවත් කැබිනට් මණ්ඩලයේ විශේෂ කමිටුවක් එහි වගකීම භාර ගතහොත් ජාතික ප්‍රශ්නයක් සේ සලකා වසංගතයෙන් මිදීමේ ක්‍රියාමාර්ගවලට හැකි අයුරින් උපකාර කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (අගෝ්ස්තු 05) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට රෝහල් කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් ඇඳන් පවා නොමැති තත්ත්වයක් උදාවී ඇති හෙයින් රෝහල්වල ම පිටත රෝගීන්ට රැඳී සිටිය හැකි තාවකාලික මධ්‍යස්ථාන හෝ සකසා දිය යුතු බවට ඔහු සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යෝජනා කළේය.

“අනික මිනිස්සු නිදාගෙන ඉන්න හැටි! මම අගමැතිතුමාට කියනවා යුද්ධ හමුදාවේ ම තියෙනවා ක්ෂේත්‍ර රෝහල්, කැන්වස්, තියෙනවා. අපිට පුළුවන් ටකරං දාලා ඒක උඩින් පොල් අතු දාලා හරි මේක හදන්න. හමුදාවයි, අපේ ඉංජිනේරු සමාගම්වලට කිව්වොත් මං හිතන්නේ විගහට මේ ටික කරන්න පුළුවන්. ඉස්පිරිතාල තියෙන තැන්වල. මං කියන්නේ නෑ වෙන තැන්වල හදන්න කියලා. අපිට පුළුවන් උදව් කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here