Home Hit අත්අඩංගුවට ගත් 44 දෙනාම NEGATIVE – සියල්ලම අද අධිකරණයට

අත්අඩංගුවට ගත් 44 දෙනාම NEGATIVE – සියල්ලම අද අධිකරණයට

333

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු – විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් -19 ආසාදිතයින් නොවන බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මෙම 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත්ය.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

මේ අතර ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් සිය විරෝධතාව අත්නොහරින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here