Home Coronavirus 2020 “සෑම පැයකටම තිදෙනෙක් වගේ මිය යනවා – වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට...

“සෑම පැයකටම තිදෙනෙක් වගේ මිය යනවා – වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ”

488

කොවිඩ් වෛසරය සහ එන්නත්කරණය අතර තරගයෙන් අප ජය ගැනීමට නම් ඉතා කෙටි කාලයකට සංචරණ සීමා යෙදවීම එකම විසදුම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ සෑම පැයකටම කොවිඩ් මරණ තුනක් පමණ මෙරටින් වාර්තා වන බවයි.

ඊයේ (04) දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 82ත් සමග ‌ඩෙල් ප්‍රභේදයේ බලපෑම පැහැදිලිව දකින්නට හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

‌ඩෙල්ටා ප්‍රභේදයේ ඉතා සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව තුළ 4වැනි රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති බවක් දක්නට ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ ජාතික රෝහල තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් පිරී ඉතිරී යන තත්ත්වයක් පවතින බවයි.

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන. ඒ බලන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000කින් 12,000කින් තමයි මේ ගාන එන්නේ. අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ 5,6 ගුණයක් ඉන්න පුළුවන් නොදැන. මේක 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ. “

“මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here