Home Coronavirus 2020 SINOPHARM එන්නත් මාත්‍රා දෙකම ගත් ශලනි තරකාටත් Covid-19 ආසාදනය වෙයි

SINOPHARM එන්නත් මාත්‍රා දෙකම ගත් ශලනි තරකාටත් Covid-19 ආසාදනය වෙයි

697

ජනප්‍රිය නිලියක් වන ශලනි තාරකාට Covid-19 ආසාදනය වී තිබෙනවා.

ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

ශලනි තාරකා තැබූ සටහන පහතින්

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.

නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.

මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.

පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.

මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.
සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි ♥️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here