Home Hit ආණ්ඩුව ගෙන එන පනත් පිළිබඳ කවුරුත් කිසිඳු බියක් ඇති කර ගතයුතු නෑ...

ආණ්ඩුව ගෙන එන පනත් පිළිබඳ කවුරුත් කිසිඳු බියක් ඇති කර ගතයුතු නෑ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

311

ඇතැම් පටු දේශපාලකයින්ගේ අසත්‍ය ප්‍රචාර හමුවේ වත්මන් ආණ්ඩුව ගෙන එන පනත් පිළිබඳ කවුරුත් කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවත් වත්මන් රජය කිසිදු අවස්තාවක මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතිය පෞද්ගලික කරණයට ලක් නොකරන බවත් මේ වන විට ගුරු ගැටළුව ආණ්ඩුවයි ගුරුවරුයි අතර කඹ ඇදිල්ලක් බවට පරිවර්ථනය කර ගන්න ඉතාම සීමිත ගුරුවරුන් පිරිසක් කටයුතු කරන්නේ ඇතැම් දේශපාලන කණ්ඩායමක අරමුණක් සමග බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

අද (04) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේදී වත්මන් ආණ්ඩුව ගෙන එන කොතලාවල පනත පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති වරයා.

ආණ්ඩුව ඉදිරිපත් කරන පනත් ගැන කවුරුත් බිය විය යුතු නෑ. ඇතැම් පටු දේශපාලකයින් මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ කරනවා. ඒවට හසු වෙන්න එපා. විපක්ෂය කියන විදිහට වත්මන් ආණ්ඩුවට මහා භයානක පනතක් ගේන්න අවශ්‍යනම්, ආණ්ඩුව විපක්ෂය සමග පනත ගැන අදහස් හා යෝජනා පිළිබඳ සාකච්ඡා කරන්නේ නෑ. අපි දැක්කා මීට පෙර හිටපු අය පනත් ගෙනාපු අයුරු. අපි එහෙම කටයුතු කරන්නේ නෑ. අපේ රජය ප්‍රජාත්‍රන්තවාදීව මේ සියල්ල දිහා බලලා තියෙනවා. වෙනත් අයගේ අදහස් වලට ඉඩ දීලා තියෙනවා.

අගමැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා ටම් පනත සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය තුළ තියෙන අදහස් ලබා ගැනීම සඳහා පුලුල් සාකච්ඡාවක් කරන්න කියලා. දැනටමත් කරුණු ඉදිරිපත් කරන විවිධ පර්ශව වල කරුණු තෝරා බේරාගෙන සංශෝධන ඉදිරිපත් කිරීමට අපි රජයක් හැටියට ජනාධිපතිතුමාගෙ උපදෙස් පරිදි සූදානම්.

කොවිඩ් හමුවේ අපි රටක් ලෙස එන්නත් කරණය නිවැරිදි ලෙස ඉතා සාර්ථකව කඩිනමින් සිදු කරමින් සිටිනවා මේ වන විට. ඒ අනුව අපි රට සම්පූර්ණයෙන් නැවත යතා තත්ත්වයට පත් කරන්න සැලසුම් කරන විට එය යම්තාක් දුරට පමා කිරීමේ අරමුණින් තමයි අද වන විට මේ ගුරුවරුන් කියාගෙන පෙනී සිටින දේශපාලන හස්තයක් ක්‍රියාත්මක කරණ කණ්ඩායමක් කටයුතු කරන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොවෙයි මේ අය හඩ නගන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here