Home Hit කාල ගුණයෙන් සුනාමි අනතුරු ඇඟවීම ගැන අලුත් නිවේදනයක්

කාල ගුණයෙන් සුනාමි අනතුරු ඇඟවීම ගැන අලුත් නිවේදනයක්

605

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවත් අදාළ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ අද උදෑසන 9.12ට පමණ භූ කම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙසයි.

පොළව මට්ටමේ සිට කිලෝමීටර 95 ගැඹුරින් සිදුව ඇති මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ බඩ ප්‍රදේශ වල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට යම් බලපෑමක් සිදුවන්නේ දැයි කාලගුණ දෙපාර්තුමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වන බවයි මෙයට ප්‍රථම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here