Home Hit ජනාධිපතිගේ රසායනික පොහොර ආනයන තහනම මුදල් ඇමති රිවස් කරලද? – ආචාර්ය හර්ෂ...

ජනාධිපතිගේ රසායනික පොහොර ආනයන තහනම මුදල් ඇමති රිවස් කරලද? – ආචාර්ය හර්ෂ ද සිල්වා

392

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කර ඇති නිවේදනයක රසායනික පොහොර ගන්වීමට ඇති තහනම ඉවත්කර ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එම නිවේදනය සභාගත කරමින් ඒ මහතා කියා සිටියේ මෙතෙක් තහනම් කර තිබු නොයෙකුත් රසායනික පොහොර වර්ග ආනයනය කිරීම අගෝස්තු මස 01 වැනිදා සිට ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට බලපත්‍රයක් යටතේ එම පොහොර ගෙන්වීමට හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

අදාළ නිවේදනයේ සඳහන් ගැසට් පත්‍රය අන්තර්ජාලයේ පිරික්සා කර බැලූ බවත් මේ වනතුරු එය එහි නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම රසායනික පොහොර ගෙන්වීමේ තහනම ඉවත් නොකරන බවට පැවසුවත් බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන්ට යොමුකර ඇති ලිපියේ පරිදි එම තීරණය රිවස් කර ඇතිද? යන්න හෝ එම ලිපිය ව්‍යාජ එකක්ද යන්න රජයේ පාර්ශ්වයෙන් විමසන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී විමසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here