Home Hit අධිචෝදනා නියම වූ එදිරිසිංහ සිව් කට්ටුවට ඇප

අධිචෝදනා නියම වූ එදිරිසිංහ සිව් කට්ටුවට ඇප

207

රුපියල් බිලියන 7කට අධික මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව මෙම නඩුව අද (අගෝස්තු 3) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී අතර විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසය.

ස්වර්ණ මහල් ආයතනය මගින් අලෙවි කිරිමේ මුවාවෙන් ආරම්භ කළ එම ආයතනයේ ශාඛා රට පුරා පිහිටුවා ගනුදෙනුකරුවන් සඳහා ඉහළ පොලියක් ලබා දෙන බව ප්‍රචාරය කර ගනුදෙනුකරුවන් පොළඹවා පොරොන්දු නෝට්ටු ක්‍රමයට ගනුදෙනුකරුවන් තැන්පත් කළ රුපියල් බිලියන 7කට අධික මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

අද දින ප්‍රථම වරට මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකරුවෝ අධිකරණයෙන් ලද සිතාසි මත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here