Home Hit ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය අද කැබිනට් රැස්වීමේදී සවිස්තරව සාකච්ඡා කරනවා – GL

ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය අද කැබිනට් රැස්වීමේදී සවිස්තරව සාකච්ඡා කරනවා – GL

319

අද (අගෝස්තු 2) පවස්රුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් සවිස්තරව සාකච්ඡා කර එය නිරාකරණය කිරීමට උපරිම උත්සහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝස්තු 2) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

“අද කැබිනට් මණ්ඩලය හවස 5.00ට රැස් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විස්තර සහිතව සාකච්ඡා කරලා සෑම පැත්තක් ගැන ම හිතලා උපරිම උත්සහයක් දරනවා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට.”

ඉකුත් සතියේදී මේ පිළිබඳ සාකච්ඡාව කැබිනට් මණ්ඩලයේදී ආරම්භ වුණු බවත් එහිදී මෙය වඩාත් හොඳින් සලකා නිගමනයකට එළඹිය යුතු බවට තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here