Home Hit මහනුවරට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යයතා අධ්‍යයනයට අවසර

මහනුවරට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යයතා අධ්‍යයනයට අවසර

310

මහනුවර නගරයේ වාහන තදබදයට මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයට අවසර හිමිවී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ප්‍රංශ ආධාර යටතේ සිදුකිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටූ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ අතර පෙරේදා හමුවක්ද පැවති බවයි ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව, මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් රුපියල් මිලියන 30 ක පමණ ආධාර මුදලක් ලබා දීමට ප්‍රංශ රජය එකඟතාව පල කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here