Home Hit ‘පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිට යැවූ ලිපිය ලැබුනා කියලවත් පිළිතුරක් නෑ’ –...

‘පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපතිට යැවූ ලිපිය ලැබුනා කියලවත් පිළිතුරක් නෑ’ – ගරු සිරිල් ගාමිණී පියතුමා

620

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වගකීම් පැහැර හරින ලද දේශපාලන නායකයින් සහ අනිකුත් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එහි කුමන්ත්‍රණයක් ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු පදවි කමිටුවේ ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ජනපති තුමන්ගෙන් ඉල්ලා ජූලි 12 වැනිදා යැවූ ලිපියට අගෝස්තු මස 12 වැනිදාට මාසයක් ගතවන බවත් මේ දක්වා එම ලිපිය ලැබී ඇති බවට හෝ පිළිතුරු ඒවා නොමැති බව ගරු පියතුමන් සඳහන් කරනවා.

හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට නඩු පවරා මෙහි සැබෑ තත්වය යට ගැසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් මතුවන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනවා.

යුක්තිය, වගකීම, සාධාරණය වගකීම පැහැර හරින්නේනම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනත් අකාරයකට මෙය ඉටුකිරීමට බලකිරීමට සිදුවන බවද ගරු පියතුමන් මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here