Home Hit ඇෆ්ඝනිස්තානය ක්‍රමිකව තලේබාන්වරුන්ගේ පාලනය යටතට

ඇෆ්ඝනිස්තානය ක්‍රමිකව තලේබාන්වරුන්ගේ පාලනය යටතට

271

ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත්වීමත් සමඟ එරට ප්‍රදේශ ගණනාවක පාලන බලය ක්‍රමිකව තලේබාන් අන්තවාදීන්ගේ පාලනය යටතට පත්වෙමින් පවතින බව “යාහූ” පුවත් සේවය වාර්තා කර තිබේ.

අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන තලේබාන්වරුන් විසින් ඇෆ්ඝන් ජනතාවට බලාවයස්කාර දැරියන් සිය සටන්කාමී ත්‍රස්තවාදීන්ට විවාහ කර දෙන ලෙසත්, පිරිමින්ට රැවුල වැවීමට, ඉස්ලාම් අනන්‍යතාවය පෙන්වන හිස්වැසුම් පැලදීමට සහ නිතර නිතර පල්ලි යාමට බලකරමින් සිටින බවටද අනාවරණය වී තිබේ.

තලේබාන්වරුන්ගේ මෙම ව්‍යාප්‍තිය සඳහා පාකිස්තාන රජයේ මිලිටරිමය සහ දේශපාලනික සහාය හිමිවීම විශාල වශයෙන් බලපා තිබේ.

1996 – 2001 කාල සීමාව තුලදී තලේබාන්වරුන්ගේ පාලනය යටතේ ඇෆ්ඝන් ජනතාවට දැඩි නීතිරීති යටතේ ජීවත් වීමට සිදුවූ අතර එයින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වූයේ කුඩා දරුවන් සහ කාන්තාවන් ය. මේ වනවිට යළිත් තලේබාන් පාලන ප්‍රදේශවල එම තත්වය නිර්මාණය වෙමින් පවතී.

මේ වනවිට පවුලක එක් ගැහැණු දරුවකු හෝ තලේබාන් සටන්කරුවකුට විවාහ කරදිය යුතු සේම, වැඩිහිටි පිරිමියෙකු නොමැතිව කාන්තාවන්ට නිවෙස් වලින් ඉවතට පැමිණීමද තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here