Home Coronavirus 2020 රාජ්‍ය සේවකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

617

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 2 වන දා සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 02/2021 (III) නැමැති එම චක්‍රලේඛය ඊයේ (30) දින නිකුත් ඇත.

ඒ අනුව කොවිඩ් -19 වෛරස ව්‍යාපෘති පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ද අවලංගු කෙරේ.

එමෙන්ම රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ දී රජයේ නිලධාරීන් හා මහජනතාව දුරස්ථභාවය ආරක්ෂා කිරීම, මුව ආවරණ පැලඳීම හා දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව චක්‍රලේඛයෙන් පෙන්වාදී ඇත.

ආයතනික කාර්යය මණ්ඩලය මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වළක්වාගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා තිබේ.

පවතින තත්ත්වය තුළ යම් කිසි නිලධාරියෙකු නිරෝධායනයට යොමු කර ඇත්නම් එම නිරෝධායන කාලසීමාව වැටුප් සහිත කාලසීමාවක් ලෙස සැලකිය යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සිය චක්‍රලේඛයෙන් සඳහන් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ට බධාවකින් තොරව සේවයට වාර්තා කිරීම හැකිවන පරිදි අදාළ බලධාරීන් විසින් පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවද එහි සඳහන්ය.

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ

No photo description available.
No photo description available.
May be an image of text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here