Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ 66ක් – මසකටත් වැඩි කාලයකට පසු යළි දෛනික ආසාදිතයන්...

තවත් කොරෝනා මරණ 66ක් – මසකටත් වැඩි කාලයකට පසු යළි දෛනික ආසාදිතයන් 2000 ඉක්මවයි

259

ඊයේ දිනයේ මාසයකටත් අධික කාලයකට පසුව (දින 36ක්) දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 2,370 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,370 දෙනා අතරින් 2,329 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා.

විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 41 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 73,496 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 26,448 ක්.

පසුගිය 28 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,324 ක් ලෙසින්.

ඒ අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු සිටිනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගල 49 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොරෝනා පරික්ෂණ සාම්පල ලබා ගැනිම සඳහා යළි හෙද කාර්ය මණ්ඩලය අවශ්‍ය සහය ලබා දෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here