Home Business බිලියන 200ක මුදල් මුද්‍රණය කරයි – ‘අනාගත තත්ත්වයන් කළමනාකරණයට ආර්ථික මෙවලම් සූදානම්’...

බිලියන 200ක මුදල් මුද්‍රණය කරයි – ‘අනාගත තත්ත්වයන් කළමනාකරණයට ආර්ථික මෙවලම් සූදානම්’ – කබ්රාල්

801

රුපියල් බිලියන 200 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටියේ අනාගතයේදී ඇති වන තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ආර්ථික මෙවලම්ද සූදානම් බවයි.

ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වූ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව නියමිත දිනට ගෙවා නිම කළ පසු මෙරට විශාලතම දේශීය ණය නිකුතුව ලෙස සැලකෙන භාණ්ඩාගාර බිල්පත් සංචිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

මෙහිදී දේශීය භාණ්ඩාගාර බිල්පත් ණය රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටයි.

ඒ අනුව මහබැංකුව විසින් තාවකාලික අත්තිකාරම් ලෙස හඳුන්වන පොලී රහිත අයිරා පහසුකම් යටතේ රුපියල් බිලියන 200 කට ආසන්න මුදල් අඟහරුවාදා දිනයේ මුද්‍රණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here