Home Hit පාකිස්තානයේ තලේබාන්වරුන්ට චීනයේ සහාය?

පාකිස්තානයේ තලේබාන්වරුන්ට චීනයේ සහාය?

242

ජම්මු හා කාශ්මීරයේ තීරු රචකයෙකු වන ෆාරුක් ගන්ඩර්බාලි ඉරිදා චීනයට දොස් පවරමින් කියා සිටියේ පාකිස්තානය සමඟ සහයෝගයෙන් හා තලේබාන් සංවිධානයට සහයෝගය දැක්වීමෙන් චීනය ඇෆ්ගනිස්ථානයේ සාමය බිඳ දැමන බවයි.

චීනය මේ වනවිට පාකිස්තානය සමඟ සහයෝගයෙන් තලේබාන් සංවිධානයට සහයෝගය දැක්වීම තුලින් කලාපයේ සාමය බිඳ දැමීමට උත්සාහ කරමින් සිටියි.මෙය මෙසේ සිදුවනුයේ ඇෆ්ගනිස්ථානය තුළ සාමය සහ සිවිල් ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවක ය. පාක්-චීනයේ මෙම ක්‍රියාකලාපයන් ඇෆ්ගනිස්ථානයේ ස්ථාවරත්වය නැති කර දමනු ඇති බව ෆාරුක් ගන්ඩර්බාලි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ෆාරුක් ගන්ඩර්බාලි නිතරම පාකිස්තාන පුත්පත්වලට රටේ ක්‍රිස්තියානි සුළුතරයේ දුක්ඛිත තත්වය ඉස්මතු කරමින් ලිපි ලියයි. එමෙන්ම ඔහු සාම හා යුක්ති සංසදයේ නිර්මාතෘවරයා ද වේ.

මේ වනවිට එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් අයින් වෙමින් තිබුණද පාකිස්තානය සහ චීනය අතර අවශ්‍යතා අභිසාරී වීමත් සමඟ ඇෆ්ගනිස්ථාන-පාක් භූදේශපාලනික රඟහල තුළ නව ත්‍රස්ත අක්ෂයක් මතුවෙමින් තිබේ.

ෆේබියන් බෝසාර්ට් ඊශ්‍රායල් ටයිම්ස් පුවත්පතට ලිපි ලියමින් ප්‍රකාශ කොට සිටියේ ඇෆ්ගනිස්ථානය කෙරෙහි තලේබාන් සංවිධානයේ ග්‍රහණය වැඩි වෙමින් තිබියදී, පාකිස්තානය තම ආර්ථිකයට සෘජුවම බලපාන ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දැලක් අවශ්‍ය වුවද, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල මිත්‍රයෙකු බවට පත්වීමේ සියලු මවාපෑම් අතහැර දමා ඇති බවයි.

මෑත සතිවලදී, තලේබාන් සංවිධානය පවා උයිගර් මුස්ලිම් ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ උත්සුකයන් පහත් කොට සලකමින් සිටියි.බීජිනය විශ්වාස කරන්නේ තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය නැගෙනහිර තුර්කි ඉස්ලාමීය ව්‍යාපාරයේ (ඊටීඅයිඑම්) කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවයි.

චීනයේ උයිගර් බෙදුම්වාදී සටන්කරුවන්ට අපි තවදුරටත් ඉඩ නොදෙන බව තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. එසේම සමහර උයිගර්වරු මීට පෙර ඇෆ්ගනිස්ථානයේ රැකවරණය පතා ඇති බවත් තලේබාන් ප්‍රකාශක පිළිගෙන තිබෙන නමුත් ඔවුන්ට සත්කාර නොකරන බවට ඔහු පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here