Home Hit පිටරටින් මිරිස් ගෙන්වීම නවතන්න පියවර

පිටරටින් මිරිස් ගෙන්වීම නවතන්න පියවර

293

ඉදිරි වසර තුන තුළ මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පරිභෝජනයට අවශ්‍ය මිරිස් රට තුළ නිෂ්පාදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

“ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ මේ මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්වන්න. ඒ නිසා දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් එකක් අනුරාධපුර. අපි පවුල් 1000ක් හඳුනාගෙන අක්කර භාගේ බැගින් මිරිස් වගා කරනවා. මේ ගොවියෙකුට ලක්ෂ 3 හමාර බැගින් අපි ආධාර ලබාදෙනවා. මේ එක් ගොවියෙක් මාසයකට රු 150,000ක ආදායමක් ලබනවා.” යැයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here