Home Hit ‘රන්ජන් කියන්නේ අපේ සුපර් ස්ටාර් – සුපර් ස්ටාර්ව හිරේ දාලා සිනමා...

‘රන්ජන් කියන්නේ අපේ සුපර් ස්ටාර් – සුපර් ස්ටාර්ව හිරේ දාලා සිනමා කර්මාන්තය ගෙන යන්ඩ බෑ’

394

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ කලාකරු රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලමින් කලාකරුවෝ ඉල්ලති.

රන්ජන් රාමනායක මහතා සමාජ සාධාරණත්වය වෙනුවෙන් අයුක්තියට එරෙහිව විශාල හඬක් නැගූ බවත් එය සැලකිල්ලට ගනිමින් රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරන බවත් කලාකරුවෝ පැවැසූහ.

ප‍්‍රවීණ කලාකරුවන් වන ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, සුරංග ද අල්විස්, බුද්ධිත ජයරත්න, නදීකා ගුණසේකර, සුනිස් ටී ප‍්‍රනාන්දු, ජනිත් වික‍්‍රමගේ සරත් ද අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here