Home Business ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පියවයි – විදේශ සංචිතය ඩොලර් බිලියන...

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පියවයි – විදේශ සංචිතය ඩොලර් බිලියන 03 දක්වා පහතට

562

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ ණය නියමිත පරිදි පියවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

May be a Twitter screenshot of 1 person and text that says 'Ajith Nivard Cabraal @an cabraal Maintaining its #reputation of honouring debt #SL settled USD 1 bn #ISB today. The #bond investors who panicked due to rating actions and analyst reports and sold off at huge discounts, must be regretting. @FitchRatings @MoodysInvSvc @SPGlobalRatings @CBSL #SriLanka #GoSL 9:00PM'

එම ණය පියවීමෙන් පසු මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 03 දක්වා පහත වැටුණද එය අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

වඩාත් වැදගත් වන්නේ මුදල් ප්‍රවාහය මිස නිශ්චිත වේලාවක සංචිත මට්ටම නොවන බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සංචිතයේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් දැන සිටින කරුණක් බවයි.

එහෙත් විපක්ෂ කණ්ඩායම් කිහිපයක් මෙරට විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව සමපේක්ෂණය කරමින් අස්ථාවරත්වයක් පවතින බව ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂිත විදේශ විනිමය ප්‍රවාහය සැලකිල්ලට ගත් විට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙනවා.

ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය අමෙරිකානු ඩොලර් මිලියන 2650 කට ආසන්න වන බව ඔහුගේ අදහසයි.

ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 400 ක ස්වැප් විනිමය හුවමාරුව, බංග්ලාදේශය සමඟ ඩොලර් මිලියන 250 ක ස්වැප් විනිමය හුවමාරුව මෙන්ම චීන සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300 ක ණය මුදලද ඊට ඇතුළත් වනවා.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ලබා ගැනීම් සහ හිමිකම් වෙන් කිරීම් ඩොලර් මිලියන 800 ක් පමණ වන අතර, මහ බැංකුව ඉදිරි මාස 03 තුළ විදේශ විනිමය වෙළඳපොලෙන් ඩොලර් මිලියන 200 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම, දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තුළින් ඩොලර් මිලියන 300 ක් රට තුළට ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර, අඩු උපයෝගීතා වත්කම් උපයෝගී කරගනිමින් අපේක්ෂිත විනිමය ගලා ඒම ඩොලර් මිලියන 400 ක් පමණ වනු ඇති.

අමෙරිකානු ඩොලර් මිලියන 1500 ක මුදලක් සඳහා මහ බැංකුව, මහජන චීන බැංකුව සමඟ ස්වැප් විනිමය හුවමාරුවක් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කර ඇති අතර, එහි ඵලදායීතා සංචිතවල කොටසක්ද විදේශ සංචිතයට එක්කළ හැකියි.

මීට අමතරව වසරේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇතුළු විදේශ ණය සියල්ලම පාහේ ගෙවා දැමීමට කටයුතු කිරීමෙන්, එවැනි කල් පිරීම් විදේශ සංචිතය අඩු කිරීමට හේතු නොවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here