Home Hit මෙරට බැංකු පද්දතිය එක රැයකින් කඩා වැටීමට නියමිතයි – මාස දෙකකින්...

මෙරට බැංකු පද්දතිය එක රැයකින් කඩා වැටීමට නියමිතයි – මාස දෙකකින් ස්ථිරවම සාගතයක් – පාඨලී

768

අද වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන මුල්‍ය අර්බුදය කෙටිකාලීනව ඇති වූ එකක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසනවා.

YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කළේය.

මේ මොහොතේ ඇතිව තිබෙන්නේ විදේශ විනිමය නොමැතිවීමේ අර්බුදයක් බවද මෙම තත්ත්වය ඊළඟට දේශීය මුදල් හිඟයක් බවටත් දේශීය වෙළඳපොළ තුළ කඩාවැටීමක් බවටත් පත්වීමට නියමිත බව ද ඔහුගේ අදහස් දක්වමින් කියා සිටිනවා.

ජාත්‍යන්තරය මූල්‍ය ශ්‍රේණිගත කරන ආයතන අනුව ශ්‍රී ලංකාව දැන් සිටින්නේ අධි අවදානම් කලාපයෙනුත් පහල බවත් ඊළඟ එකම කලාපය බංකොලොත් තත්ත්වය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

යම් හෙයකින් ශ්‍රී ලංකාවේ බැංකු වල මුදල් තැන්පත් කර ඇති තැන්පත් කරුවන් එක දිනකදී මුදල් සියල්ල ලබාගැනීමට කටයුතු කළහොත් එම මුදල් ලබාදීමට බැංකු වලට හැකියාවක් නොමැති බවත් එම දිනයේදී බැංකු පද්ධතිය කඩා වැටීමට නියමිත බව ඒ මහතා කියා සිටිනවා.

රට ආසන්න නිශ්චිත දිනයක ශ්‍රී ලංකාවේ මුළු බැංකු පද්ධතියම බිඳ වැටිය හැකි බවද මාස දෙකකින් ශ‍්‍රී ලංකාවේ ස්ථිරනම සාගතයක් ඇති වන බවත් ඒ මහතා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here