Home Hit ජනාධිපතිගේ නමත් විකුණලා රතන හිමි, ටිරාන් අලස්, දේශබන්ධු තෙන්නකෝන් කියන පාපතරයෝ මන්ත්‍රීධුරය...

ජනාධිපතිගේ නමත් විකුණලා රතන හිමි, ටිරාන් අලස්, දේශබන්ධු තෙන්නකෝන් කියන පාපතරයෝ මන්ත්‍රීධුරය හොරකම් කළා

673

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගැනීම සඳහා තමන් මුහුදට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ බව අපේ ජන බල පක්ෂය හිටපු ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මෙම කුමන්ත‍්‍රණය සදහා අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් හා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ බවද උන්වහන්සේ සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිගේ නමත් විකුණා අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, දේශබන්ධු තෙන්නකෝන් කියන පාපතරයෝ දේශපාලන පක්ෂයකට හිමි මන්ත්‍රීධුරය හොරකම් කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

මන්ත‍්‍රී ධුරය රතන හිමියන්ට ලබාදීම සඳහා ටිරාන් අලස් මහතාගේ නිවසේ දී බලහත්කාරයෙන් අත්සන් ලබාගත් බවද උන්වහන්සේ සදහන් කලහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here