Home Business ‘ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා අභියෝගාත්මක ස්ථානයක්’ – එක්සත් ජනපදය උපුටා දක්වයි

‘ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා අභියෝගාත්මක ස්ථානයක්’ – එක්සත් ජනපදය උපුටා දක්වයි

526

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2021 ආයෝජන දේශගුණික ප්‍රකාශනයේ, ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමට අභියෝගාත්මක ස්ථානයක් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඉහළ ගනුදෙනු පිරිවැය අනපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති පරිසරයක්, රජයේ සේවාවන් අකාර්යක්ෂම ලෙස ලබා දීම සහ රජයේ ප්‍රසම්පාදන පිළිවෙත් හේතුවෙන් මෙලස ව්‍යාපාර කිරීමට අභියෝගාත්මක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවයි එම වාර්තාව පේනවා දෙන්නේ

කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම, ඥාති සංග්‍රහය සහ නීතිමය තත්වය පිළිබඳව ආයෝජකයින් සැලකිලිමත් වූ බව එහි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වන බව ‘ඩේලි මිරර්‘ වාර්තා කරනවා

රාජ්‍ය අංශයේ දූෂණය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජනපද සමාගම්වලට සැලකිය යුතු අභියෝගයක් වන අතර විදේශ ආයෝජන සඳහා බාධාවක් බව එහි සඳහන් වේ.

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රට තුළ සාමාන්‍යයෙන් ප්‍රමාණවත් නීති හා රෙගුලාසි තිබුණද, ඒවා බලාත්මක කිරීමේදී දුර්වල, නොගැලපෙන තෝරා බේරා ගැනීම් ඇතිව ක්‍රියාත්මක වන බව එහි තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජනපද පාර්ශවකරුවන් සහ අනාගත ආයෝජකයින් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සහ රජයේ ප්‍රසම්පාදනවල දූෂණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම ගැටළු විසඳීමට රජය ප්‍රතිඥා දුන් නමුත් මේ වනවිට ඒවාට වඩා COVID-19 වසංගතයට එහි මූලික අවධානය යොමු වී ඇති බව එහි පෙන්වා දී තිබෙනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂ දේශපාලන තනතුරු ලබා ගැනීමෙන් හෝ බලය අහිමි වීමෙන් පසු එකිනෙකාට එරෙහිව දූෂණ නඩු පවරන්නේ නොමැති බවත් එහි වැඩි දුරටත් පෙන්වා දී ඇති බව සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here