Home Hit පාකිස්තාන අගමැති නොදැක්කා සේ සිටියදී රට තුළ තලේබාන්වරුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යයි

පාකිස්තාන අගමැති නොදැක්කා සේ සිටියදී රට තුළ තලේබාන්වරුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යයි

533

ක්වේටා ඇතුළු පාකිස්තානයේ විවිධ ප්‍රදේශවල තලේබාන් ත්‍රස්ත සංවිධානය නිදහසේ සිය සංවිධාන කටයුතු අතර එය රජයේ සහාය නොමැතිව කළ නොහැකි බව පාකිස්තානයේ විපක්ෂ දේශපාලකයින් චෝදනා කරනවා.

ප්‍රදේශයෙන් ප්‍රදේශයට ක්‍රමිකව පාකිස්ථානය පුරා පැතිරී යමින් තිබෙන තලේබාන් ක්‍රියාකාරකම්වලට එරෙහිව එරට රජය කිසිදු පියවරක් ගෙන නැත.

මෑතකදී පාකිස්තාන පුරවැසියන් තලේබාන් ධජ අල්ලාගෙන ත්‍රස්තවාදී කණ්ඩායමට සහය පළ කරමින් පෙළපාළිවල සටන් පාඨ කියමින් වීඩියෝ පට සමාජ මාධ්‍යවල පළ විය.

ප්‍රගතිශීලී විපක්ෂ දේශපාලකයෙකු වන මෝෂින් ධවාර් විසින් මේ සම්බන්ධයෙක් කරුණු රැසක් හෙළිදරව් කර තිබේ.

ඇෆ්ඝනිස්ථානය තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන පාකිස්ථානයේ තෙලිබාන්වරු සම්බන්ධයෙන් ඇෆ්ඝන් රජයද සිය කනස්සල්ල පළකර තිබෙන අතර තෙලේබාන්වරු මර්ධනය සඳහා පාකිස්ථාන රජයේ උනන්දුව අවම වීම සම්බන්ධයෙන් විවේචන එල්ල කර ඇත.

පසුගිය මාසයේදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ පසුගිය මාසයේදී ‘ජිහාඩි’ සටන්කරුවන් 10,000 ක් ඇෆ්ගනිස්ථානයට ඇතුළු වී ඇති අතර, දැනට පවතින සාම සාකච්ඡාවලදී “බැරෑරුම් ලෙස සාකච්ඡා” කිරීමට තලෙයිබාන්වරුන්ට ඒත්තු ගැන්වීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන රජය අපොහොසත් වී ඇති බවයි.

ක්වේටා නගරයේ සහ බලුකිස්තාන් පළාතේ පිෂින් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවාසීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියා ඇත්තේ තම ප්‍රදේශවල තලේබාන් ගැති ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here