Home Hit ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අදත් විරෝධතාවක

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අදත් විරෝධතාවක

143

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව ති​බේ.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කරන උද්ඝෝෂණය පසුව ජනාධිති ලේකම් කාර්යාල දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

වසර 24ක් තිස්සේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටලු මෙතෙක් රට කරවූ පාලකයන් මඟ හරිමින් සිටි බවට චෝදනා කළ ජයසිංහ මහතා සමස්ත ගුරු – විදුහල්පතිවරුන් මෙය තවදුරටත් ඉවසීමට සූදානම් නොමැති බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා.

ගුරුවරුන් තුළ සිසු දරු දැරියන් ගැන කැක්කුමක් හෝ අනුකම්පාවක් නොමැති බව හුවා දක්වමින් ආණ්ඩුව ප්‍රශ්න මග හැරීමට කටයුතු කළ ද 2,65,000ක ගුරු – විදුහල්පතිවරුන්ගෙන් අති බහුතරයක් මවුපියන් බව මතක් කරදෙන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here