Home Hit ‘පොලීසියෙන් ළමයා මැරිච්ච එක නෙමෙයි අහන්නේ – කලිනුත් මෙහෙම වෙලා ද අහනවා’...

‘පොලීසියෙන් ළමයා මැරිච්ච එක නෙමෙයි අහන්නේ – කලිනුත් මෙහෙම වෙලා ද අහනවා’ – ඉෂාලිනීගේ මව

601

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් ඊයේ (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම කීය.

මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මියගිය ඉෂලිනිගේ මව කියා සිටියේ පොලිස් ප්‍රශ්න කිරීම් පිළිගත නොහැකි බවයි. මීට පෙරද දැරියට මෙවැනි දේ සිදුව ඇති ද යන්න ඔවුන් විසින් ප්‍රශ්න කරන බවත් එවැනි දෙයක් සිදු වීමට කිසිඳු ඉඩක් නොමැති බවත් පවසන ඇය තව දුරටත් කියා සිටියේ ගෙදර සිටින තමාගේ අනිත් දියණියට ද මෙවැනි දේ සිදුව ඇත්දැයි ප්‍රශ්න කළ බවයි.

ඒ හේතුවෙන් මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් සිදුව ඇති දේ නොව වෙනත් කරුණු විමසන බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here