Home Hit KDU පනතට එරෙහි අන්තරේ අරගලයට පාඨලීගේ සහය

KDU පනතට එරෙහි අන්තරේ අරගලයට පාඨලීගේ සහය

234

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විවිධ පාර්ශව ගෙන යන අරගලයට සහය ලබාදීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

තම ප්‍රතිපත්ති තුළ සිටිමින් මෙම අරගලයට සහය ලබාදෙන බවත්, මෙම පනත පරාජය කිරීමට කටයුතු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ 43 වන සේනාංකය අතර අද (22) සිය නිවසේදී පැවති සාකච්ඡාවකදීය.

මෙම පනත මගින් ආරක්ෂක අංශවලට මුවාවී මුදල් අයකරන විශ්ව විද්‍යාල පද්ධතියක් ගොඩනැගීම කරගෙන යන බව කී පාඨලී චම්පික රණවක මහතා එය ගෙනැවිත් ඇත්තේ කොතලාවල විශ්ව විද්‍යාල පද්ධතිය හා සම්බන්ධ පනත වෙනස් කිරීමට නොව විශ්ව විද්‍යාල පනත වෙනස් කිරීමට බව ද කීවේය.

කොතලාවල ආරක්ෂක පීඨය ආරක්ෂක අංශවලට සීමා නොවී මුදල් අය කර සාමාන්‍ය ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දිය හැකි විශ්ව විද්‍යාලයක් බවට පත්වීමත්, වෘත්තීය මට්ටමේ පරිපාලනයක් වෙනුවට ආරක්‍ෂක ලේකම්වරයා, හමුදාපතිවරු ඇතුළු හමුදාවේ ප්‍රධානීන්ට බහුතර බලය ලැබෙන විකල්ප ප්‍රතිපාදන කොමිසමක් තැනීමත් ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

දැනට පවතින විශ්ව විද්‍යාල පනත වෙනස් කර සුවිශේෂී අවශ්‍යතා සඳහා වූ විශ්ව විද්‍යාල බිහිකිරීමට මෙම පනත ගෙනැවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා ආරක්‍ෂක අංශ, පැවිදි පිරිස් වෙනුවෙන් සුවිශේෂ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවාට විරුද්ධ නැතැයි ද කීවේය.

වර්තමාන ක්‍රියාවලිය නිසා රටේ ගුරුවරුන්, ශිෂ්‍යයන් අතර විශාල අසහනයක් ඇති වී ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පැවති හමුවෙන් අනතුරුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here