Home Coronavirus 2020 දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ අදහසක් නෑ

දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ අදහසක් නෑ

234

සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෙසේ වුවද පළාත් අතර සංචාර සීමා දිගටම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ ආසාදිතයන් දිනකට 1500කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ යුද හමුදාපතිවරයා එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය .

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ සීමිත ප්‍රදේශ සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙලද රට පුරා සාර්ථකව ක්‍රියාත්මකවෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය

කොවිඩ් වැළඳී මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු එන්නත ලබා නොගත් අය බවද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here