Home Hit ශ්‍රී ලංකාවේ පිරිමි උග්‍ර ලිංගික පීඩනයෙන් පෙළෙනවා – හිරුණිකා

ශ්‍රී ලංකාවේ පිරිමි උග්‍ර ලිංගික පීඩනයෙන් පෙළෙනවා – හිරුණිකා

981

විවිධ වැරදි ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ජාලා වල තරුණියන් පළකරන ඡායාරූප වලට එම තරුණියන්ගේම හෝ වෙනත් තරුණියන්ගේ දුරකථන අංක භාවිතා කරමින් ඔවුන්ව අලෙවි කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනාවරණය කරනවා.

අද මාධ්‍ය හමුවකදී අනාවරණයක් සිදු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ ඇයගේ දුරකථන අංකයත් ඒ ආකාරයෙන් වෙනත් තරුණියකගේ ඡායාරූපයකට භාවිතා කර තිබු බවයි.

“මෙම පුද්ගලයින් ෆේස්බුක් භාවිතා කරමින් ලස්සන ගැහැණු ළමයින්ගේ ඡායාරූප ලබාගන්නා අතර ඔවුන්ගේම හෝ තවත් තරුණියකගේ දුරකථන අංක ඔවුන්ගේ සම්බන්ධතා අංකය ලෙස ඇතුළත් කර එම ගැහැණු ළමයින්ව අලෙවි කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන බවත් හිරුණිකා මහත්මිය පවසනවා.

අයගේ දුරකථන අංකය වෙනත් තරුණ ගැහැණු ළමයෙකුගේ දුරකථන අංකය ලෙස භාවිතා කරතිබූ බවත් එම තරුණියගේ ඡායාරූපය ඇයගේ ෆේස්බුක් ගිණුමෙන්ලබාගෙන ඇති බවත් කුඩා පිරිමි ළමයෙක් ඇයට ඇමතූ විට මේ පිළිබඳව දැනගත් බවත් ඇය සඳහන් කරනවා.

COVID 19 වසංගතය මේ රටේ ආරම්භ වූ දා සිට ගෘහස්ථ හිංසනය වැඩි වී ඇති අතර බොහෝ කාන්තාවන් අන්තර්ජාලය හරහා ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බව ඇය පැවසුවාය. මෙයට හේතුව ශ්‍රී ලාංකික පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළීම බව ඇය මෙහිදී සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here