Home Hit ‘මට සැකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් සිද්ධ වෙයිද කියලා’ – කණිෂ්ක...

‘මට සැකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක් සිද්ධ වෙයිද කියලා’ – කණිෂ්ක ලැනරෝල්

541

15 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් තමාගේ නමත් සම්බන්ධ කරමින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අසත්‍ය පුවත නිර්මාණය කිරීම පිටුපස සිටින පුද්ගලයින් සොයා ගැනීමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවීම තුළ මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවේදෝයි සාධාරණ සැකයක් ඇතිවන බව ඒ මහතා කියා සිටියා.

එයට හේතුව ලෙස ඔහු කියා සිටින්නේ මීට පෙර මේ සම්බන්ධයෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, කරුණාරත්න පරණවිතාන මහතා මෙන්ම උලපනේ ශ්‍රී සුමංගල හිමියන්ද පැමිණිලි කර තිබුනත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුන බවයි.

මේ සිද්ධිය පිටුපස ගහනියකුද නොවන, පිරිමියකුද නොවන ගායකයකු සිටින බවට සැකයක් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here