Home Hit ’69 ලක්ෂයේ ජනවරමද මේ ගොනාට අන්දන්න හදන්නේ?’ – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

’69 ලක්ෂයේ ජනවරමද මේ ගොනාට අන්දන්න හදන්නේ?’ – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

560

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් කැබිනට් අනුමැතිය ගෙන ඇති බවත් එය ඉතාම හොඳ බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා.

නමුත් ශ්‍රී ලංකාවේ පොදු විවාහ නීතියට අනුකූලව විවාහ වීමට අකමැති පිරිස් සිවිල් නඩු විධාන සංග්‍රහය වෙනස් කොට මුස්ලිම් විවාහ -දික්කසාද නීතියට අනුව විවාහ වීමට අවසර ලබා දී ඇතැයි මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කරනවා.

එම තත්වය යටතේ කාති උසාවිය, මුස්ලිම් විවාහ නීතිය, ශරියා නීතිය, කිසිඳු වෙනසකින් තොරව පැවති ආකාරයටම ක්‍රියාත්මක වන බව උන්වහන්සේ සනදහන් කරනවා.

මෙලෙස ගොනාට ඇන්දීමට කටයුතු කරනුයේ මෙරට ජනතාව නොවන්නේද යන වග මාගල්කන්දේ සුදත්ත හිමි විමසා සිටිනවා.

69 ලක්ෂයක ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ එක රටක් තුල එක නීතියක් ක්‍රියාත්මක කිරීමට බවත් ආගම් අනුව හෝ ජනවර්ග අනුව හෝ නීති වෙන වෙනම ක්‍රියාත්මක කිරීමට නොවන බවත් පවසා සිටියා.

එම නිසා ශ්‍රී ලංකාවේ පොදු නීතියට අනුව විවාහ වීමට අකමැති පිරිස් වෙත මුස්ලිම් විවාහ – දික්කසාද නීතියට අනුව විවාහ වීම වහාම නැවැත්විය යුතු බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here