Home Hit ලොව ධනවත්ම මිනිසා අද අභ්‍යවකාශයට (PHOTOS)

ලොව ධනවත්ම මිනිසා අද අභ්‍යවකාශයට (PHOTOS)

354

ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බෙසෝස් පැයට සැතපුම් 2300ක් වේගයකින් ගමන් කරන නිව් ෂෙපර්ඩ් යානයෙන් අද (20 වැනිදා) අභ්‍යවකාශයට යෑමට සූදානමින් සිටී.

ජෙෆ් බෙසෝස් පසුගිය මාසයේදී අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් පවතින තමාගේ දැඩි උනන්දුව විටින් විට ප්‍රදර්ශනය කළේය. සිය ධනයෙන් වැඩි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කිරීමට සූදානම් බවද බෙසෝස් ප්‍රකාශ කර ඇත. ඔහු අද අභ්‍යවකාශ ගතවීමට නියමිත යානය නිපදවූයේ ඔහුටම අයත් බ්ලු ඔරිජින් සමාගමෙනි.

අභ්‍යවකාශ තාක්ෂණය දියුණු කිරීම සඳහා 2020 වසරේදී බෙසෝස් බ්ලූ ඔරිජන් ආයතනය ආරම්භ කළ අතර ලොව තවත් බිලියනපතියකු වන රිචඩ් බ්‍රැන්සන් සමග තරගකාරී ලෙස අභ්‍යවකාශ චාරිකාවලට සූදානමින් පසුවන බව නිවේදනය කළේය.

බෙසෝස් දැන් මෙලෙස අභ්‍යවකාශයට යෑමට සූදානම් වන යානය නිව් ෂෙපර්ඩ් ලෙස නම්කර ඇත. එය මේ වන විට ස්වයංක්‍රීය පරීක්ෂණ ගුවන් ගමන් 15ක් මගින් අත්හදා බලා ඇත.

නිව් ෂෙපර්ඩ් යානයෙන් පුද්ගලයන් හය දෙනෙකු රැගෙන යා හැකිය. නමුත් බෙසෝස් මෙම අභ්‍යවකාශ ගමනට ඔහු සමග තවත් තිදෙනකු පමණක් එක්කරගෙන ඇත. ඔවුන් අතර ජෙෆ්ගේ ස​හෝදර මාක් බෙසෝස් ද වෙයි. ඊට අමතරව 82 හැවිරිදි කාන්තාවක්ද සිටීම විශේෂත්වයකි. 18 හැවිරිදි පාසල් සිසුවකු වන ඔලිවර් ඩීමන් ද එම කණ්ඩායමට අයත් වේ.

From left: Mark Bezos, Jeff Bezos, Oliver Daemen, Wally Funk
Infographic
New Shepard rocket - annotated image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here