Home Hit සෙවණක් අවැසි අයට අත්වැලක් සපයන්න – දුමින්දට නව තනතුරක්

සෙවණක් අවැසි අයට අත්වැලක් සපයන්න – දුමින්දට නව තනතුරක්

658

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී, ජනාධිපති සමාව ලාභී දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වනවා.

2021 ජූලි 16 දිනයේදී ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කල ලිපියක් ප්‍රකාරව මෙම පත්වීම දුමින්ද සිල්වා මහතාට ලබාදීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී ඇති බව තහවුරු වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නිවාස සංවර්ධන අධිකාරියට විශාල වගකීම් සමුදායක් පැවරී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here