Home Hit කුසල්​ට සති 6ක විවේකයක් – බිනුරටත් ඉන්දියාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි

කුසල්​ට සති 6ක විවේකයක් – බිනුරටත් ඉන්දියාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි

277

උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.

කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ඒ බව තහවුරු කළ බව සදහන් කරමින් Cricinfo වෙබ් අඩවිය වාර්තා කළේ ඒ අනුව ඔහුට ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව​ටයි.

මේ අතර ඊයේ පැවති පුහුණුවීම් අතරතුර වම් පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here