Home Business විදේශ විනිමය අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ගන්න – රනිල් රජයට කියයි

විදේශ විනිමය අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ගන්න – රනිල් රජයට කියයි

432

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින විශාල විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් දිනක පූර්ණ විවාදයක් අවශ්‍ය බවත් එහිදී එම ගැටලුව විසඳන ආකාරය රජය විසින් රටට ප්‍රකාශ කළ යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඩොලර් මිලියන 600ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීම සඳහා රජය විසින් කටයුතු කළ යුතු බවත් ඉන්දියාව වැනි රටවල් සමගද සාකච්ඡා කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here