Home Hit 86 වන උපන්දිනය සමරමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා ඉන්දියාවේ ලෞකික සාරධර්ම...

86 වන උපන්දිනය සමරමින් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා ඉන්දියාවේ ලෞකික සාරධර්ම වර්ණනා කරයි

265

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා ඉකුත් අඟහරුවාදා (06) සිය 86 වන උපන්දිනය සැමරුවේය.

එහිදී ඔහුගේ ආධාරකරුවන්ට මෙන්ම 1959 දී සිය මව්බිමෙන් පලාගිය දා සිට ඔහු ජීවත් වූ ඉන්දියාවට සිය කෘතඥතාව පළ කිරීමට කටයුතු කළේය.

“මට ඇත්තටම ආදරය, ගෞරවය සහ විශ්වාසය පෙන්වූ මගේ සියලු මිතුරු මිතුරියන් පිළිබඳව මාගේ ගැඹුරු අගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි,” දලයි ලාමා වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

මානව වර්ගයාට සේවය කිරීම සඳහා වූ තම මෙහෙවර නැවත අවධාරණය කළ ඔහු මනුෂ්‍යත්වය පෙරටු කරගනිමින් කටයුතු කරන ලෙස ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

උන්වහන්සේ සරණාගතයෙකුව මේ වනවිට ඉන්දියාවේ පදිංචි වී සිටින බැවින්, ඉන්දියාවේ නිදහස සහ ආගමික සමගියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇති බව එහිදී සඳහන් කර තිබේ.

“අවංකකම, කරුණාව සහ අවිහිංසාව වැනි ඉන්දියාවේ ලෞකික වටිනාකම් කෙරෙහි තමාට ඉමහත් ගෞරවයක් ඇති බව ඔහු පැවසීය.

තමන් දුරකතනයෙන් කතා කරමින් දලයි ලාමා තුමන්ට සුබ පැතුම් එක්කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here