Home Hit චීන වෙරළාරක්ෂක නැව් මැලේසියානු මුහුදු සීමාවට, චීන යුධ ගුවන් යානා මැලේසියානු ගුවන්...

චීන වෙරළාරක්ෂක නැව් මැලේසියානු මුහුදු සීමාවට, චීන යුධ ගුවන් යානා මැලේසියානු ගුවන් සීමාවට – එක්සත් ජනපද චින්තන ටැංකිය

260

මැයි මස අගදී මැලේසියානු ගුවන් සීමාව අසල චීන හමුදා ගුවන් යානා 16ක් ගමන් කිරීමේ මතභේදාත්මක සිදුවීමෙන් අනතුරුව මැලේසියානු මුහුදු සීමාවේ චීන වෙරළාරක්ෂක නෞකා ගමන් කිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය දකුණු චීන මුහුදේ බලශක්ති ගවේෂණ කටයුතු අභියෝගයට ලක් කිරීම අරමුණු කරගත් ප්‍රයත්නයන්හි කොටසක් විය හැකිය එක්සත් ජනපද චින්තන ටැංකිය (US think tank) සඳහන් කරනවා.

මතභේදාත්මක ජල මාර්ගය සඳහා චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීමට ඉක්මන් පියවර ගෙන තිබියදීත්, චීනය සහ අග්නිදිග ආසියානු හිමිකම් පෑමේ රාජ්‍යයන් අතර වාර්තා නොවූ සුළු ගැටුම් අඛණ්ඩව මේ වනවිටත් වාර්තා වනවා.

වොෂිංටන් පදනම් කරගත් උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ කොටසක් වන AMTI, දකුණු චීන මුහුදේ සිදු වූ වර්ධනයන් ට්‍රාන්ස්පෝන්ඩර් සහ චන්ද්‍රිකා ඡායාරූප ලුහුබැඳීමේ දත්ත උපයෝගී කර ගනිමින් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා.

මෙම දත්ත වලින් පෙනී යන්නේ ජුනි 4 වන දින මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ කසවාරි ගෑස් පර්යන්තය අසල චීන වෙරළාරක්ෂක නෞකාවක් ක්‍රියාත්මක වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here