Home Business ‘වැඩිපුර මුදල් අච්චු ගහන්නේ හැමදෙනාටම අපහසුවකින් තොරව ආර්ථික කටයුතු කරගෙන යන්න’...

‘වැඩිපුර මුදල් අච්චු ගහන්නේ හැමදෙනාටම අපහසුවකින් තොරව ආර්ථික කටයුතු කරගෙන යන්න’ – කබ්රාල්

689

මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් රජයට නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් බව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි

මේ අවස්ථාවේ මුදල් වැඩිපුර අච්චු ගැසුවත් එයට ඇති ඉල්ලුම රටේ ඇති තත්වය හේතුවෙන් අඩුවී ඇති බව ඒ මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කළේය.

මහජනයා මත පැටවෙන පීඩනය අඩු කර ආර්ථික කටයුතු සියලුදෙනාටම කරගෙන යාමට පහසු වන පරිදි වැඩිපුර මුදලක් අච්චු ගස ඇති බව ඔහු මෙහිදී පැවසීය.

මෙම තත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන බවත් ලෝකයේ වෙනත් රටවල් පවා මේ තත්වයට මුහුණ දී ඇති බව ඔහු මෙහිදී පැවසීය.

එළියේ සිටින් විවේචන ඉදිරිපත් කරන පිරිස් මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ පශ්චාත් උපාධිධාරීන් විසින් බවත් මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ඔවුන්ද අවධානයෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here