Home Hit මුතුරාජවෙලට අත තියන්න එපා! – ආචාර්ය පදවි තිබ්බ කියලා නොදන්නා දේවල් කියවන්න...

මුතුරාජවෙලට අත තියන්න එපා! – ආචාර්ය පදවි තිබ්බ කියලා නොදන්නා දේවල් කියවන්න එපා! – කාදිනල් හිමිපාණන්

575

මුතුරාජවෙල ආරක්ෂිත ප්‍රදේශයේ අක්කර 100ක භූමියක් මුහුදු වැලි වලින් ගොඩ කිරීමේ සූදානමක් ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ ඊයේ පස්වරු 3.30ට අගරදගුරු නිල නිවසේ දී කොළඹ සහයක රදගුරු හිමිපාණන්ලාගේද සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩ කර සිදුකරන්නට යන මෙම විනාශය තුළින් සාගර පරිසර කලාපයට මෙන්ම මුතුරාජවෙල අවට ප්‍රදේශයට ද දැඩි ගංවතුර තර්ජන ද ඇතිවනු ඇතැයි කී කාදිනල්තුමෝ අවට ජනතාවට ඉදිරියේදී නිවෙස්වල බෝට්ටුවක් තබාගැනීමට සිදුවනු ඇතැයි ද කීහ.

මේ සම්බන්ධයෙන් සකස් කර ඇති පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධව් මහජන අදහස් දැක්වීම සඳහා දින 30ක් ලබාදී ඇත්තේ රට තුළ සංචරණ සීමා පැවති කාලයේදී බව කී කාදිනල්තුමෝ මෙය හොර රහසේම සම්මත කරගැනීමේ කූඨ උත්සාහයක් පැවති බව පෙනෙන්නේ යැයි ද ප්‍රකාශ කළහ.

රට අයිති ජනතාවට බව ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු දැනගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

මෙහිදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළකළ කාදිනල් හිමිපාණෝ කියා සිටියේ ආචාර්ය පදවි තිබූ පමණින් සැමදේම නොදන්නා හෙයින් නොදන්නා දේවල් සම්බන්ධයෙන් අදහස් පළකිරීමෙන් වැලකී සිටිය යුතු බවයි.

එබැවින් මුතුරාජවෙලට අත තැබීමෙන් වළකින්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here