Home Business ‘ආනයනය සීමා නොකිරීමටනම් සියලුදෙනා වගකීමෙන් කටයුතු කරන්න’

‘ආනයනය සීමා නොකිරීමටනම් සියලුදෙනා වගකීමෙන් කටයුතු කරන්න’

693

දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩවලට අමතරව වෙනත් භාණ්ඩ ආනයනය අත්හිටුවීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීම කළ යුතු යැයි ශ්‍රී ලංකා මහබැංකුව පාර්ෂවයෙන් යෝජනා කර ඇතත් පවතින තත්වය කළමණාකරණය කරගැනීමට වෙනත් උපක්‍රම භාවිත කිරීම රජයේ අපේක්ෂාව බවයි මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එලෙස ආනයන සීමාකිරීම නොකරන්නටනම් සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කලයුතු බවයි.

වසරකට අවශ්‍ය භාණ්ඩ එකවර ආනයන නොකර තමන්ම ස්වේච්ඡාවෙන් සීමා පමුණුවා ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here