Home Environment ‘රටට විනාශයක් කළ X-PRESS PEARL නෞකාවට පක්ෂග්‍රාහිව කටයුතු කළ නාලක ගොඩහේවා ඉල්ලා...

‘රටට විනාශයක් කළ X-PRESS PEARL නෞකාවට පක්ෂග්‍රාහිව කටයුතු කළ නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි’

505

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවු පාරිසරික හානිය පිළිබද කිසිදු අවබෝධයක් නොමැතිව ඊට පක්ෂග්‍රාහීව අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට නීතියෙන් දඩුවම් දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

ඇඹිලිපිටියේදි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ නාලක ගොඩහේවා මහතා ඔහුගේ වගකිම් වලින්ද ඉල්ලා අස්විය යුතු බවයි.

රටක් ලෙස සංවේදීව මුහුදු ජීවීන්ට සිදු වූ ව්‍යසනය පිළිබඳව කරුණු සෙවීමේදී රාජ්‍ය අමාත්‍යවරයා එය වාරකන් කාලයට සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කලත් 39 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් මඟින් මේ වනවිට සොයාගෙන ඇති කැස්බෑවුන් 176ක් ඩොල්ෆින් මත්ස්‍යයින් 20ක් තල් මසුන් 4 දෙනෙකුගේත් ජිවිත අහිමි වීමට බලපෑ හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ විෂ රසායන බවට තහවුරු කර ඇති බව උන් වහන්සේ පෙන්වා දෙන ලදී.

එම නෞකාවේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු නිසි පරිදි සොයා බලා එයට වගකිවයුතු සියලු දෙනාට දඬුවම් දිය යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here