Home Hit බිලියන 1.51ක වියදමකින් කොළඹට කුරුළු උද්‍යානයක් (PHOTOS)

බිලියන 1.51ක වියදමකින් කොළඹට කුරුළු උද්‍යානයක් (PHOTOS)

606

මාදිවෙල, කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා ආරම්භ කරන ලදි.

විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක අංශය පුනර්ජීවනය කිරීම උදෙසා අක්කර 39 ක පක්ෂි උද්‍යානයක් මාදිවෙලදී නිර්මාණය කෙරේ.

මාදිවෙල ප්‍රදේශයේ තෙත් බිමක්, පක්ෂි උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම සඳහා මෙහිදී යොදා ගන්නා අතර මෙම ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 1.51ක් ඇස්තමේන්තු කර ඇත. මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

අදාල ව්‍යාපෘතිය කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි අලංකරණය කිරීමේ රජයේ වැඩසටහනේ කොටසක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ නියෝගය මත කොළඹට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සොබාදහම හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

May be an image of 6 people, people standing and people sitting
May be an image of outdoors and text that says 'GOLOMBO BIRD PARK AT MADIWELA MADIWELA ん 2021 20211012 Billion 2023/ Coombo Deseloper: BirPP Consultant: Partnership නාගරික සංවර්ධන අධිකාරිය நகர அபிவிருத்தி அதிகாரசபை ÛD Development'
May be an image of one or more people and people standing
May be an image of 1 person and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here