Home Hit චීනය උයිගර්වරුන්ට එරෙහිව සිදුකල අපරාධ රැසක් හෙළිවේ.

චීනය උයිගර්වරුන්ට එරෙහිව සිදුකල අපරාධ රැසක් හෙළිවේ.

559

උයිගර්වරුන්ට එරෙහිව බරපතල අපරාධ සිදුකිරීමේ චෝදනා විභාග කළ එක්සත් රාජධානියේ “උයිගුර් විනිශ්චය සභාවේ” ජූරි සභිකයින් 9 දෙනෙකු යටතේ ජූනි 4 සිට 7 දක්වා පැවති නඩු විභාගයකදී හිටපු චීන පොලිස් නිලදාරියෙකු ප්‍රභල සක්ශියක් ලබා දී තිබේ.ඔහු වැන්ග් ලීෂාන් නම් අන්වර්ථ නාමය භාවිතා කරමින් මෙම සාක්ශිය ලබා දී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

2018 දී ෂින්ජියැන්ග් හි ගත කළ කාලය සිහිපත් කරමින් ඔහු තම රැකියාව ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇත්තේ සමාජ පිළිවෙල හා ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා නමුදු ෆලුන් ගොං සහ ඉස්ලාමීය කණ්ඩායම් ඇතුළු දේශපාලන හා ආගමික සැකකරුවන් පිළිබඳව සොයා බැලීමට ද ඔහු කටයුතු කොට ඇති බව ප්‍රකාශ කොට ඇත.

සාක්ශි විමසීමේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ෂින්ජියැන් ප්‍රදේශයේ විවිද දේශපාලන මතවාද දරන පුද්ගලයන් එක් මතවාදයකට ගොනු කර ගැනීම උදෙසා ප්‍රති අධ්‍යාපන කදවුරු පවත්වාගෙන යන බවත් මෙම කදවුරු තුල් සිර කොට ඇති ප්‍රධානතම කණ්ඩායම උයිගර්වරු බවත් ය.මෙම කදවුරු අධ්‍යාපනයට කිසි සම්බන්දයක් නොමැති බවත් හුදෙක් සිරකරුවන්ගේ මනස වෙනස් කිරීම උදෙසා පමණක්ම භාවිතා කරන බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

එසේම චීන රජය චීනයේ ප්‍රධාන භූමියේ සිට පොලිස් ආරක්ෂකයින් ලෙස සේවය කිරීම සඳහා ෂින්ජියැන්ග් වෙත යාමට සූදානම්ව සිටින පුද්ගලයින් සඳහා බඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කොට ඇත.

මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් සින්ජියැන් හි බොහෝ මුරපොලවල් සඳහා යොදවනු ලැබූ බවත් නගරයේ මීටර් 500 යෙන් 500 යට මුරපොලවල් තිබුනද රුම්කි තදාසන්න ප්‍රදේශවල සෑම මීටර් 200 යෙන් 200ට මුරපොලවල් තිබුණු බවත් වාරණ නීති බලාත්මක කිරීමට සහ මිනිසුන් අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් ආරක්ෂකයින් ද යොදා ගන්නා ලද බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

ඊනියා පුනරුත්ථාපන කඳවුරු පිළිබඳ තොරතුරු හෙළි කරමින් ලීෂාන් කියා සිටියේ ඒවා තුලදී උයිගර්වරුන්ට වධහිංසා පමුණුවනු දුටු බවයි.

ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස පිලිගැනීමටත් ඔවුන්ගේ හිතමිතුරන්ගේ ලයිස්තුවක් ත්‍රස්තවාදීන් ලෙස සලකා ඔවුන්ව හෙලාදැකීමටත් මෙම කදවුරු තුලදී ඔවුන්ට බල කරන ලද බව ඔහු ප්‍රකාශ කරන ලදී.

එසේම උයිගර්වරුන්ට මේ ආකාරයෙන් වධ හිංසා පමුණුවනු ලැබුවේ මධ්‍යම චීන රජය විසින් දිරි ගැන්වූ නිස බව සාක්ශි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here