Home Hit බදුල්ලේ නිහඬ විරෝධයට එල්ල වූ පොහොට්ටුවේ මැර ප්‍රහාරය (VIDEO)

බදුල්ලේ නිහඬ විරෝධයට එල්ල වූ පොහොට්ටුවේ මැර ප්‍රහාරය (VIDEO)

486

රිදීමාලියද්ද, පින්නගොල්ල සිට වීරගොල්ල දක්වා දිවෙන මාර්ගය නිසි ප්‍රමිතියකින් ඉදිකොට නොමැති බවට පවසමින් ප්‍රදේශයේ ජනතාව නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුනා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති විරෝධය ඇරඹීමට පෙර එම ස්ථානයට පැමිණීමත් සමඟ එහි දැඩි ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබෙනවා.

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර සමඟ එම ස්ථානයට පැමිණි පිරිස් විරෝධතාවයේ නිරතවීමට පැමිණි සිටි ජනතාවට පහරදීම් සිදු කරන ආකාරයද සභාපතිවරයා එම ස්ථානය පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සමඟ බහින්බස් වීමක් ද සිදුව තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි රිදීමාලියද්ද පොලිසිය විසින් තත්වය සමථයකට පත්කරනු ලැබුවා

මෙම සභාපතිවරයා පා.ම තේනුක විදානගමගේ ප්‍රභල ආධාරකරුවකු බවත් තොරතුරු වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here